දේශීය

අද කාලගුණ තත්ත්වය

(UTV |කොළඹ) – දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර සහ නුවර දිස්ත්‍රික්කවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

නැගෙනහිර පළාතේ සහ මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී 50 පමණ වු තරමක වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි.

Editor O

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක පුද්ගලයන්ට පිලිපීනයට ඇතුලුවීම තවදුරටත් තහනම්

Mohamed Dilsad

තාවකාලික රියදුරු බලපත්‍ර නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් අද සිට

Editor O

Leave a Comment