ගොසිප්

ධම්මිකගේ පැණිය කථානායක අතටත් යයි [PHOTOS]

(UTV | කොළඹ) –  කොවිඩ් 19 වෛරසය සුව කිරීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද පැණිය කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට ලබාදී තිබේ.

බණ්ඩාර මහතා විසින් මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කිහිපයක එකතුවෙන් දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ අතර ඒ පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති විය.

ඔහු විසින් එම පැණිය කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී නොමිලයේ බෙදා දීමට පියවර ගැනුණ ද පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එය අත්හිටුවීමට තීරණය කෙරුණි.

කෙසේ වෙතත්, විද්‍යාත්මක හෝ සායනික සාක්ෂි මත පදනම්ව කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් ලෙස බටහිර හෝ දේශීය කිසිදු වෛද්‍ය ආයතනයක් ‘ධම්මික පැණිය’ ලෙසින් ප්‍රසිද්ධ මෙම පැණිය සහතික කර නොමැති අතර එය ආහාර අතිරේකයක් ලෙස පමණක් නම් කර ඇත.

 

No description available.

 

No description available.

 

Related posts

‘එක රටක් එක නිතියක්’ සභාපතිකම මම බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි

Mohamed Dilsad

හරීන් සජිත් කපයි

Mohamed Dilsad

මුහුදු මාළු ආහාරයට සුදුසුයි – නැව ගිනි ගැනීමේ බලපෑමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment