දේශීය

විදෙස්ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලිය ලිහිල් වන ලකුණු

(UTV |කොළඹ) – විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් සිදු වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙහිදී නිවෙස් නිරෝධායනය සම්බන්ධයෙන් යම් වෙනසක් සිදුකිරීමට නියමිත හමුදාපතිවරයා පැවසීය.

මේ අනුව අද (10) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා පැවසුවේ,”මෙසේ ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයින් දින 14ක නිරෝධායනය කිරීමෙන් අනතුරුව කරන ලබන PCR පරීක්ෂණයෙන් නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායනය නොකර සම්පූර්ණයෙන් නිදහස් කරනු ඇති අතර එය බොහෝ දුරට අද දිනයේ දී නිකුත් වීමට නියමිත නිවේදනයත් සමග ඒ තත්ත්වය පහව යන බවයි”.

Related posts

ඉන්දියාවේ සිටි තවත් සිසුන් 164 ක් දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

රජයේ සායන රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් අද සිට නිවසටම

Mohamed Dilsad

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment