දේශීය

කොළඹට හෙට පැය 06 ජල සැපයුම අත්හිටුවයි

(UTV |කොළඹ) – හෙට පැය 06 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදා අලුයම හතර දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ ඩීන්ස් පාර සහ ඩාලි පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලටය.

මීට අමතරව වොක්ෂෝල් වීථිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හන්දියේ සිට කොම්පඤ්ඤ වීථීය සහ යූනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත හා සියලු අතුරු මාර්ගවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතමින් රනිල් වික්‍රමසිංහගෙන් ලිපියක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පිවිසි ජනප්‍රිය චරිත කල සේවය ගැන වාර්තාවක් සකසයි

Mohamed Dilsad

Leave a Comment