දේශීය

කොළඹට හෙට පැය 06 ජල සැපයුම අත්හිටුවයි

(UTV |කොළඹ) – හෙට පැය 06 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

මේ අනුව හෙට රාත්‍රී 10 සිට පසුදා අලුයම හතර දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ ඩීන්ස් පාර සහ ඩාලි පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලටය.

මීට අමතරව වොක්ෂෝල් වීථිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හන්දියේ සිට කොම්පඤ්ඤ වීථීය සහ යූනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත හා සියලු අතුරු මාර්ගවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

ඊයේ ආසාධිතයන් 9 දෙනෙක් නාවික හමුදාවේ

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

Leave a Comment