ක්‍රීඩා

අද තරඟයේ ජය කැන්ඩි ටස්කස් කණ්ඩායමට

(UTV |දඹුල්ල) – ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ අද (09) පැවති පළමු තරඟයෙන් ජය ගැනීමට කැන්ඩි ටස්කස් කණ්ඩායම සමත් විය.

ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 06කිනි.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 150කි.

එහිදී කැන්ඩි ටස්කස් කණ්ඩායම නියෝජනය කරමින් අද දිනයේ ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් කඩුලු 02ක් බිඳ දැමුවේ සිය පන්දුවාර 04 තුල ලකුණු 33ක් ලබා දෙමිනි.

නුවන් ප්‍රදීප් සහ අසේල ගුණරත්න ජැෆ්නා කණ්ඩායමේ කඩුලු 03ක් සහ 02 බැගින් බිඳ දැමුවේය.

ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ඩි පිතිකරුවෝ අදාල ඉලක්කය පන්දුවාර 19යි එක් පන්දුවක් තුල පසුකර ගියහ.

එහිදී අසේල ගුණරත්න නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 42ක් රැස්කළහ.

අද පන්දු යැවීමේදී සහ පපහරදීමේදී දස්කම් දැක්වූ අසේල ගුණරත්න තරඟයේ වීරයා ලෙස පිදුම් ලැබුවේය.

Related posts

කුමාර ධර්මසේන හා රුචිර පල්ලියට කැඳවීමක්

Mohamed Dilsad

මුරලි සචින් බ්‍රයන් ලාරා යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

පාකිස්ථානය පරදා එංගලන්තය එක්දින තරඟාවලිය ජය ගනී

Mohamed Dilsad

Leave a Comment