ක්‍රීඩා

අද තරඟයේ ජය කැන්ඩි ටස්කස් කණ්ඩායමට

(UTV |දඹුල්ල) – ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ අද (09) පැවති පළමු තරඟයෙන් ජය ගැනීමට කැන්ඩි ටස්කස් කණ්ඩායම සමත් විය.

ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 06කිනි.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 150කි.

එහිදී කැන්ඩි ටස්කස් කණ්ඩායම නියෝජනය කරමින් අද දිනයේ ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් කඩුලු 02ක් බිඳ දැමුවේ සිය පන්දුවාර 04 තුල ලකුණු 33ක් ලබා දෙමිනි.

නුවන් ප්‍රදීප් සහ අසේල ගුණරත්න ජැෆ්නා කණ්ඩායමේ කඩුලු 03ක් සහ 02 බැගින් බිඳ දැමුවේය.

ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ඩි පිතිකරුවෝ අදාල ඉලක්කය පන්දුවාර 19යි එක් පන්දුවක් තුල පසුකර ගියහ.

එහිදී අසේල ගුණරත්න නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 42ක් රැස්කළහ.

අද පන්දු යැවීමේදී සහ පපහරදීමේදී දස්කම් දැක්වූ අසේල ගුණරත්න තරඟයේ වීරයා ලෙස පිදුම් ලැබුවේය.

Related posts

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

තාවකාලිකව නතර කළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරඟ ඇරඹේ

Mohamed Dilsad

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට නව කාලසටහනක්

Mohamed Dilsad

Leave a Comment