ගොසිප්

මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකුත් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

අදාළ දේශපාලඥයා කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සමග උදෑසන ආහාරයට එක්ව සිටීම හේතුවෙන් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්ව ඇත.

පසුගිය 28 වැනිදා හම්බන්තොට ප්‍රදේශයේ දී පැවැති වැඩමුළුවකට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සහභාගී ඇති අතර ඔහු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත්තේ ඊට පසු දිනයි.

ඒ සමගම එම වැඩමුළුවට සහභාගි වූ රජයේ සේවකන් විශාල පිරිසක්ද නිරෝධායන යොමු කර ඇත.

මීට අමතරව පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ද වාර්තා වෙයි.

 

Related posts

අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනා

Mohamed Dilsad

ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු එක රැයකින් කෝටිපතියෙක් වෙයි

Mohamed Dilsad

අදිසි හස්තයන් ගැන අවධානයෙන් සිටින්නැයි ජනපතිට දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment