ක්‍රීඩා

ඉදිරියේදී අළුත් ක්‍රීඩා පනතක්

(UTV |කොළඹ) – තමාගේ කාලය තුළ කිසිවිටක ක්‍රීඩා සංගම් සඳහා අතුරු කමිටු පත්නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අලුත් ක්‍රීඩා පනතක් ගෙන ඒමටත් කටයුතු කරන බවද නාමල් රාජපක්ෂ මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ “මම විශ්වාස කරන දේ තමයි අපි ක්‍රීඩා සංගම්වලට ඇඟිලි ගහන එක වැරදියි. ඒ අයට ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍යයි. හැබැයි මූල්‍යමය කටයුතුවලදී විනිවිදභාවය පිළිබඳ සොයා බැලීමට අපි මැදිහත් වෙන්න ඕනේ. මගේ කාලසීමාව තුළ අතුරු කමිටු පත්කිරීමට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ක්‍රීඩා සංගම් හැකිතාක් නිලවරණවලට යටත්ව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනික සංගම්වල කඹ ඇදිල්ලට ක්‍රීඩකයෝ පළි නෑ. අලුත් ක්‍රීඩා පනත තුලින් දේශපාලන මුහුණුවර නැතුව ක්‍රීඩාවට, පළාත්වලට ආවේණික වූ තත්ත්වයක් ඇති කරයි”  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

Related posts

අප්‍රිකාව සමග විස්සයි-20 ට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

ශකීබ් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් පිරිසක් LPL සඳහා ලියාපදිංචි වෙයි

Mohamed Dilsad

පාකිස්ථාන සුපිරි ක්‍රීඩකයෙකුට තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment