දේශීය

කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය මහජනතාවට විවෘත කෙරේ

(UTV | කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද (05) පෙරවරු 9 සිට නැවත විවෘත කිරීමට කටයුතු යොද ඇත.

ඒ අනුව එක් ගුවන් මගියෙකුට එම මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන ඒමට අවසර හිමිවේ.

පැමිණෙන අමුත්තන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවද ගුවන්තොටුපල පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.

එසේම කොවිඩ් ගෝලීය වසංගත තත්වය මත අනිවාර්ය නීරෝධායන ක්‍රියාපටිපාටියට යොමු වීම හේතුවෙන් , තම ගමන් මලු දීමනාව (තීරු බදු සහනය යටතේ භාණ්ඩ මිලදී ගැනීමට ) භාවිතා කිරීමට නොහැකි වූ ගුවන් මගීන්ට , තම නීරෝධායන ක්‍රියාවලිය අවසන් වූ දා සිට උපරිම මාසයක කාළය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථා සළසා දී ඇත.

ඒ සදහා මෙම දුරකථන අංකය (0112263017 ) ඔස්සේ අමතා වැඩිදුර විස්තර ලබා ගෙන , ලියාපදිංචි වීම සිදුකර ගත යුතු බව ද ගුවන් තොටුපළ විසින් දැනුම් දෙයි.

 

Related posts

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

ආසාදිතයින් 638 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

Editor O

Leave a Comment