දේශීය

කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය මහජනතාවට විවෘත කෙරේ

(UTV | කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද (05) පෙරවරු 9 සිට නැවත විවෘත කිරීමට කටයුතු යොද ඇත.

ඒ අනුව එක් ගුවන් මගියෙකුට එම මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන ඒමට අවසර හිමිවේ.

පැමිණෙන අමුත්තන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවද ගුවන්තොටුපල පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.

එසේම කොවිඩ් ගෝලීය වසංගත තත්වය මත අනිවාර්ය නීරෝධායන ක්‍රියාපටිපාටියට යොමු වීම හේතුවෙන් , තම ගමන් මලු දීමනාව (තීරු බදු සහනය යටතේ භාණ්ඩ මිලදී ගැනීමට ) භාවිතා කිරීමට නොහැකි වූ ගුවන් මගීන්ට , තම නීරෝධායන ක්‍රියාවලිය අවසන් වූ දා සිට උපරිම මාසයක කාළය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථා සළසා දී ඇත.

ඒ සදහා මෙම දුරකථන අංකය (0112263017 ) ඔස්සේ අමතා වැඩිදුර විස්තර ලබා ගෙන , ලියාපදිංචි වීම සිදුකර ගත යුතු බව ද ගුවන් තොටුපළ විසින් දැනුම් දෙයි.

 

Related posts

එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමගි ජනබලවේගයට එක් වෙයි.

Editor O

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවෙන් ඉරාජ්ට ලැබුණු තනතුර

Mohamed Dilsad

Leave a Comment