දේශීය

වත්තල ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – වත්තල ප්‍රදේශ කීපයකට හෙට (03) පෙරවරු 10 සිට පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අඩාල වන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව ප්‍රදේශවලටයි.

මීට අමතරව, මරදාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසකට ද හෙට පෙරවරු 10 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

 

Related posts

ජපාන නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා සුවෙන්

Mohamed Dilsad

හුදකලා තත්ත්වය පිළිබඳ අලුත් නිවේදනයක්

Mohamed Dilsad

සහල් එක්රැස් කර තබා ගන්නා වී මෝල් වැටලීමට පියවර

Mohamed Dilsad

Leave a Comment