දේශීය

සහල් එක්රැස් කර තබා ගන්නා වී මෝල් වැටලීමට පියවර

(UTV | කොබයිගනේ) – දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති බී.කේ.රංජිත් කියා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් ප්‍රමාණවත් පරිදි සහල් වෙළඳපොලට නිකුත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ කොබයිගනේ ප්‍රදේශයේ අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙවර සිංහල දෙමළ අලූත් අවුරුද්දට පෙර රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර මෙලෙස තොග එක්රැස් කර තබා ගන්නා මහා පරිමාණ වී මෝල් වැටලීම සඳහා තම අධිකාරියේ නිලධාරීන් දැනටමත් කටයුතු කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කළේය.

Related posts

රත්මලානේ රොහාගේ අවසන්කටයුතු පොලිස් ආරක්‍ෂාව මැද

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ට ඇප

Editor O

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment