දේශීය

නිවෙස් වල සිදුවන මරණ අවම කළ යුතු බවට ජනපතිගෙන් උපදෙස්

(UTV |කොළඹ) – කොවිඩ් ආසාදිත පුද්ගලයින් නිවසේදී මියයාම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දෙයි.

යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගන්නා නිවෙස්වල නිදන්ගත රෝගවලින් පීඩාවිඳින පුද්ගලයින් සිටින්නේ ද යන්න පිළිබඳ අවධානය යොමුකරන ලෙස අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව හුදකලා කර තිබෙන ප්‍රදේශවලට වෛද්‍යවරුන් යොමු කරමින් හැකිතාක් දුරට ඔවුන්ව රෝහල්වෙත යොමු කිරීමට කටයුතු කරනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය වියහැකි එවැනි පිරිස් අපි හඳුනගන්න කටයුතු කරමින් යනවා,” යනුවෙන් ද යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනය තවදුරටත්

Editor O

Yuan Wang 5 නෞකාව අද පිටත්වෙයි

Mohamed Dilsad

මිනුවන්ගොඩින් තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment