දේශීය

වසර 6කත පසු සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹදී

(UTV |කොළඹ) – ත්‍රෛපාක්ෂික සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද (27) සහ හෙට (28) කොළඹ දී පැවැත් වේ.

ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල නියෝජිතයන් සහභාගී වන අතර එම සමුළුව පැවැත්වෙන්නේ සිව්වන වරටය.

අවසන් වර ත්‍රෛපාක්ෂික සමුළුව 2014 වසරේ නවදිල්ලි හීදී පැවැත්වුණි.

වසර 06කට පසුව මෙවර සමුළුව පැවැත්වීම විශේෂත්වයකි.

මීට අමතරව බංග්ලාදේශය, සිසේල්ෂ් සහ මොරිටියස් යන රටවල නියෝජිතයන් නිරීක්ෂණ මට්ටමින් ඊට සම්බන්ධ වේ.

ඉන්දීය සාගරයේ සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතාව පුළුල් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමුකිරීමට නියමිතය.

Related posts

ආණ්ඩුවේ පාලකයෝ ජනතා ප්‍රශ්නවලට සවන් දෙන්නේ නැහැ : ජනතාවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ විපක්ෂයට – විපක්ෂ නායක

Editor O

ඉන්දීය සාග සමුළුවේ සමාරම්භක දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment