දේශීය

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගනී

(UTV |ඉතියෝපියාව ) – ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු මුදා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ අමාත්‍යාංශය, ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදා ගෙන ඇත.

ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබේ.

ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Related posts

බ්‍රිතාන්‍යයේ නව වෛරසය රටට ඇතුළුවීමේ අවධානමක්

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 මීගමුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

විදෙස්ගත රැකියා කරන අය, ජනවාරි මාසයේ දී, ඇ.ඩො.මි 573ක් ශ්‍රී ලංකාවට එවලා

Editor O

Leave a Comment