දේශීය

වන ජීවී නිලධාරීන් හෙට විරෝධතාවයක

(UTV |කොළඹ) –  හෙට (27) දිවයින පුරා වනජීවී නිලධාරින් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ වනජීවී රාජ්‍යය අමාත්‍යය විමලවීර දිසානායකගේ ක්‍රියා කලාපයට එරෙහිවය.

වනජීවී නිලධාරීන්ට තර්ජනය කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජීවී නිලධාරින්ට රාජ්‍ය අමාත්‍යවරයා විසින් බලපැම් කර තර්ජනය කළා යැයි වන ජීවී නිලධාරීන් චෝදන කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වනජීවී නිලධාරින්ට බලපෑම් කිරීමට විරුද්ධව එක් දින සංකේත වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 54ක් අත්අඩංගුවට

Editor O

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

පාන් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment