දේශීය

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසෙයි

(UTV| උතුර) – කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත.

ඊයේ තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙන අතර , මේ වන විට ඔහු වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබයි.

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මොහු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

අදාළ ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් හයදෙනෙකු ද නිරෝධායනයට ලක්කර ඇති බවද කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.

 

Related posts

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය පත් කිරීමේ යෝජනාවක්

Editor O

මුඛ ආවරණ පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment