ගොසිප්

නව කැබිනට් ඇමති ධුරයට පත් වන්නේ කවුද?

(UTV |කොළඹ) – පොලිස් සේවය නගා සිටුවීම, ග්‍රාමීය ප්‍රජා ආරක්ෂාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ‘‘මහජන ආරක්ෂක ඇමැති’’ ලෙසින් නව කැබිනට් ධුරයක් ගැසට් කරනු ලැබීය.

මෙම ධුරය සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම කැබිනට් ධුරය සඳහා දෙපාර්තමේන්තු හා ආයතන හතරක් වෙන් කර නව විෂය පථයක් හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බහුකාර්ය සංවර්ධන කාර්යාසාධක බළකා දෙපාර්තමේන්තුව සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මේ යටතේ නව කැබිනට් ඇමැතිවරයාට පවරා තිබේ.

මීට පෙර මෙම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතට ගැනුණි.

එහි රාජ්‍ය ඇමැතිවරයා ලෙස චමල් රාජපක්ෂ කටයුතු කරයි.

නව ගැසට් පත්‍රය අනුව ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු ආයතන දහයක් වෙන් කර තිබේ.

Related posts

හලාවත කඩොලාන ආශ්‍රිතව පරිසර සංහාරයක්

Mohamed Dilsad

“දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා..” – වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව – Photos

Mohamed Dilsad

සුනඛයන්ට ආහාරයක් වූ ඉන්දියාවේ කොරෝනා මළසිරුරු [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment