දේශීය

ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

(UTV |කොළඹ) – ඊයේ (21) වාර්තා වූ නව ආසාධිතයින් 491 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 487 දෙනෙකු මීට පෙර හඳුනාගත් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ආසාදිතයින් සිව්දෙනා අතර ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ තුර්කියේ සිට පැමිණි පුද්ගලයෙකු වේ.

මේ අතර ඊයේ දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් 292ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 87ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් ලෙස වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද උදෑසන වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර16,248ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 10,024ක් පූර්ණ සුවය ලබා ඇත.

රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 6,098ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පූර්ණ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 13,589කි.

අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 41ක් සහ ඩුබායි සිට පුද්ගලයින් 52ක් මෙරටට පැමිණ ඇත.

ඊයේ දිනයේත් මෙරට PCR පරීක්ෂණ 10,514ක් සිදුකර තිබේ.

Related posts

සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්

Editor O

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment