දේශීය

කොළඹට කොරෝනා ව්‍යාප්තවීමේ මූලාශ්‍රය සොයා ගනී

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යාප්ත වීමට අදාළ හේතුව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

උතුරු කොළඹ ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ මෙන්ම ඒ අවට වාසය කරන ජනතාව භාවිත කරන පොදු වැසිකිලි, පොදු නාන ස්ථාන සහ පොදුවේ භාවිතා කරන ජලනළ මාර්ගයෙන් කොරෝනා වෛරසය ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වන බවයි මේ වන විට සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ.

ඊයේ (20) දිනය තුළ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 160 ක් වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment