දේශීය

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්

අධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (24) පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

 

ඒ, පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්ථාවලදී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුන් නියෝගයක් සම්බන්ධයෙනි.

 

එස්. තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

2008 වසරේ කොම්පඤ්ඤවීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී පළායෑමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගඋපදේශ මාලාවක් සකස් කර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ඉකුත් පෙබරවාරි මස 05 වනදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මස අවසානයේදී

Mohamed Dilsad

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කතානායක අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වනදා සිට රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment