දේශීය

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

(UTV |කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර අදට සම්පුර්ණ වේ.

පසුගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත්විය.

ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරයට තේරී පත් ප්‍රථම වෘත්තීමය නොවන දේශපාලනඥයා මෙන්ම එම ධූරයට පත් වූ ප්‍රථම හිටපු හමුදා නිලධාරියාද වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස, ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25% ක ප්‍රතිශතයක් ලබාගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය සමීපතම ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද මිලියන 1.3ක් ලබා ගත්තේය.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඡන්ම දිනය ද අදට යෙදී තිබේ.

කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලැබූ කැළණි දකුණ ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමද අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඒමඟින් බියගම – පට්ටිවිලදීයි. මෙමගින් කැළණිය, පෑලියගොඩ, බියගම, කඳාන, පමුණුගම, කටුනායක, කටාන, මහර, මෙන්ම කඩවත, රාගම, වැලිසර, ජා-ඇල, ඒකල යන ප්‍රාදේශීය කොට්ඨාශවල ජනතාවට ජලය ලබාදීමට නියමිතය.

Related posts

දුම්රියත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

තවත් මහාපරිමාණ වංචාවක්

Mohamed Dilsad

ලංකා ගුරු සංගමයෙන් පොලීසිය ට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment