විදෙස්

බෙල්ජියමේ වැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

(UTV | බෙල්ජියම ) – කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට සොයාගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කරයි.

බෙල්ජියමේ ජනගහනය මිලියන 11.5 ක් වන අතර මේ වනවිට එරටින් වාර්තා වී ඇති වෛසර ආසාදිතයන්ගේ ගණන 540,000 කි.

අන්තර්අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුවට කලාපයේ අනෙක් සෞඛ්‍ය අමාත්‍යවරුද ඊට සම්බන්ධ වූහ.

සායනිකව තහවුරු කර සංවර්ධනය කෙරෙන නව කොරෝනා වෛරස එන්නත බෙල්ජියමේ ජනගහනයෙන් 70% කට එනම් මිලියන අටකට ආසන්න ජනතාවකට නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බව ද මෙම සමුළුව අමතමින් බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බෙල්ජියමෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වෛසර ආසාදිත මරණ ගණන 14,000 ඉක්මවයි.

ඉදිරි මාස කිහිපයේදී එන්නත් තොග මිලදී ගැනීම සඳහා බෙල්ජියම ඇතුළු යුරෝපා සංගමයේ රටවල් මේ වනවිට පියවර ගනිමින් සිටියි.

 

 

Related posts

කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර්වරුන් ගැන සැකයක්

Mohamed Dilsad

තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Editor O

ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

Leave a Comment