දේශීය

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

විශිෂ්ට ජයක් ලබමින් ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්හට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය සුබපැතුම් පලකර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජෝ බයිඩ්න්ට මෙන්ම උප ජනාධිපති ලෙස තේරී පත්වූ කමලා හැරිස්ටද ශ්‍රී ලංකා රජය සුබපැතුම් එක් කරන බවයි.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වසර 72 ක් පැරණි රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වැඩි දියුණු කරගැනීමට නව නායකත්වය සමඟ එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ජෝ බයිඞ්න්ට සහ කමලා හැරිස්ට සුබපැතුම් එක්කර ඇත.

Related posts

ලංකා අයිඕසී වෙතින් ඔක්ටේන් 100 පෙට්‍රල්

Editor O

රට තුළ සිදුවූ අපරාධ සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අනාවරණයක්

Editor O

අවශ්‍ය විටකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න

Mohamed Dilsad

Leave a Comment