දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 150ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) –  ඊයේ (07) දිනය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා යටතේ 116 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 27 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 62 කු මේ අතර වන බවද පොලිසිය පැවසීය.

Related posts

ඇසළ පෝයට දන්සල් 8,300ක් රට පුරා

Editor O

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

Editor O

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment