ක්‍රීඩා

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස මේ මස අවසානයේ

(UTV |කොළඹ) – ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වීම සඳහා රජයේ අනුමැතිය හිමිවීමෙන් පසු එය මේ මස අග භාගයේදී ආරම්භ කිරීමට හැකි වෙනු ඇති බව තරඟාවලි අධ්‍යක්ෂ,  ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න පවසයි.

බොහෝ දුරට 27 වැනිදා හෝ 28 වැනිදා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඔහු පැවසීය.

තරඟාවලිය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පමණක් පැවැත්වීමට තීරණය වී ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරඟාවලිය පැවැත්වෙන අතර, ක්‍රීඩකයින් සඳහා ආරක්ෂිත ජෛව බුබුලක් එහි නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වේ.

එය ආරම්භවීමට නියමිතව තිබුණේ නොවැම්බර් 21 වැනිදාය.

Related posts

දකුණු අප්‍රිකා නායකයාට තරගාවලිය අහිමී වෙයි

Mohamed Dilsad

ගංගුලිට කොරෝනා

Mohamed Dilsad

අාසියානු කුසලානයට එන පාකිස්ථානය සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment