දේශීය

කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

(UTV | කළුතර) –  කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස හෙට (06) සිට යොදා ගන්නා බව  කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ  අධ්‍යක්ෂක සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා සඳහන් කළේය.

පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ  ඇඳන් 400 හා ජාතික අධ්‍යාපන විද්‍යාව පීඨයේ ඇඳන් 200 කින් සමන්විත සියලුම පහසුකම් වලින් යුක්තව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ඇත.

කළුතර නාගොඩ මහා  රෝහල  , බේරුවල ,දර්ගා නගරය හා අලුත්ගම රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් හා කාර්ය මණ්ඩලය එම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ සේවය සඳහා කැඳවා ඇති අතර , යුද හමුදාවෙන්  එහි පහසුකම් සහ ආරක්ෂාව සැපයීම සිදු කරනු ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පවසා සිටියේය.

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ  ඉංගිරිය පිඹුර , බණ්ඩාරගම, මතුගම හා ඉත්තෑපාන  රෝහල්වල  කොරෝනා වෛරස ආසාදන රෝගීන් තුන් සියයක් පමණ දෙනා ප්‍රතිකාර ලබන අතර  කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ  කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින්  සියයට අධික ප්‍රමාණයක් මේ වන විටත්  ප්‍රතිකාර ලබමින් පසුවන බව  අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිත්වයට ජගත් වික්‍රමසිංහ

Mohamed Dilsad

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වෙලා දරුවෝ සමලිංගික කරන්නයි යන්නේ…!

Editor O

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

Mohamed Dilsad

Leave a Comment