දේශීය

නිරෝධායන වන අය ගැන සෙවීමට බුද්ධි අංශය යෙදවේ

(UTV |කොළඹ) – ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් නිසි පරිදි නිරෝධායන නීති පිළිපදින්නේද යන්න සොයා බැලීම සඳහා බුද්ධි අංශ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

ඇතැම් ප්‍රදේශ වල ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහැරට එන බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

මේ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදු කරනු ලබයි.

 

Related posts

ශ්‍රීලංකා ජනපතිත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙයි

Mohamed Dilsad

රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

Editor O

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment