දේශීය

ජංගම වෙළඳසැල් නිවෙස් අසලටම පැමිණීමේ ක්‍රමවේදය අද(03) සිට

(UTV |කොළඹ) – පොලිස්නි රෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත සහ ඇහැලියගොඩ, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීම සඳහා ජංගම වෙළඳසැල් නිවෙස් අසලටම පැමිණීමේ ක්‍රමවේදය අද(03) සිට ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, බෝකුන්දර, නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන හෙට(04) දිනයේ විවෘත කරන බවයි.

ඒ අනුව එහි සේවකයින්ගේ PCR පරික්ෂණ අද(03) දිනයේ සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

ඇඳිරි නීතිය පැවතියද පිටකොටුවේ තොග වෙළඳසැල් අද විවෘතව තබන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටියේය.

අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, බෝකුන්දර, නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන හෙට(04) දිනයේ විවෘත කරන බවයි.

ඒ අනුව එහි සේවකයින්ගේ PCR පරික්ෂණ අද(03) දිනයේ සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

ඇඳිරි නීතිය පැවතියද පිටකොටුවේ තොග වෙළඳසැල් අද විවෘතව තබන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටියේය.

Related posts

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවටම නිර්දේශ කරයි

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව උදය ගම්මන්පිළගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment