ගොසිප්

බියගම පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

(UTV |බියගම) – රාජකාරි කටයුත්තකට සහභාගිවී නැවත පොලිසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ පස්වරු 6.30 ට පමණ හදිසියේ රෝගීවූ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මොහු මියයනවිට 51වන වියේ පසුවිය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු  ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Related posts

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

මංගල උත්සවයකින් කොරෝනා පැතිරෙයි

Mohamed Dilsad

ඥානක්කාගේ නිවසට – හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව

Mohamed Dilsad

Leave a Comment