දේශීය

බස්නාහිරින් වෙනත් පළාත් වලට ගිය අය සොයයි

(UTV |කොළඹ) – ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් බස්නාහිර පළාතේ සිට පිටත්ව වෙනත් පළාත් වල නැවතී සිටින පිරිස් සොයා විශේහ්ස මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විශේෂයෙන් ඇතැම් පුද්ගලයින් බස්නාහිර පළාතෙන් පිටත්ව ගොස් හෝටල්, ලැගුම් හල් සහ නවාතැන් ගන්නා ස්ථානවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරිනීතිය පනවන බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතැම් පිරිස් පොලීසිය සහ පොලිස් මාර්ග බාධක මඟහැර එම පළාතෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන නීතිවලට අනුව කටයුතු කිරීමට නියමිතය.

මේ අතර සඳුදා ඇඳිරිනීතිය ඉවත් කළ පසු නැවත කොළඹට පැමිණීමේ දී ද ඔවුන් කොළඹින් පිටත්ව ගිය ආකාරය පිළිබද ප්‍රශ්න කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුව යළි රැස්වන දිනය

Editor O

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment