දේශීය

මයික් පොම්පියෝ දිවයිනෙන් පිටත් වෙයි

(UTV |කොළඹ) – මෙරට සංචාරය නිමකළ මයික් පොම්පියෝ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර ඔහු අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්විය.

මේ අතර මාධ්‍ය අමතමින් රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්ති විඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බවයි.

මෙම සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද ආරක්ෂක සහයෝගීතා සම්බන්ධයෙන් ද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පොම්පියෝ මහතා පැවසුවේ අමෙරිකාව ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන බවය.

Related posts

කොරෝනා ආහාර වලින් බෝ නොවන බවට අවධාරණයක්

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

යාපනයේ කල්ලි සාමාජිකයින්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment