දේශීය

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් යළි බස් ධාවනය ඇරඹේ

(UTV | කොළඹ) – හෝමාගම පොලිස් බල ප්‍රදේශයට ඊයේ (27) රාත්‍රියේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබීය.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණි මගීන් දැඩි අපහසුතාවයට පත්විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන අධිකාරියේ සභාපති නීතිඥ කිංස්ලි රණවක කියා සිටියේ මේ වනවිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවයි.

 

Related posts

කොරෝනාව සම්බන්ධයෙන් රනිල්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය : ජනපතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment