දේශීය

හෙට මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය[RELEASE]

(UTV |කොළඹ) – හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

එසේම සිකුරාදා (30) දිනයේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන් හී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා විවෘත කර තැබිය යුතු බවද රජය නිවේදනය කරයි.

 

Related posts

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

Mohamed Dilsad

පළාත් 2 ක් අවධානම් තත්ත්වයක

Mohamed Dilsad

නාවික හමුදාව විසින් මැනිං වෙළඳපොළ විෂබීජහරණය කරයි

Mohamed Dilsad

Leave a Comment