දේශීය

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050ක් වේ

(UTV |කොළඹ) – ඊයේ (24) දිනයේදී කොවිඩ් -19 ආසාදිතයින් 368 දෙනෙකු අලුතින් හඳුනා ගත්තේය.

එලෙස හඳුනාගැණුනු 368 දෙනාගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශය පවසයි.

ඉන් 24 දෙනෙකු ධීවර වරායන් ආශ්‍රිතව සහ 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පිරිස වේ.

මේ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4050 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 7521 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ථ ආසාදිතයින්ගෙන් 3714 දෙනෙකු පුර්ණ සුවයලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ආසාදිතයන් 3792 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්යාහව 15කි.

Related posts

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

Mohamed Dilsad

රේගුව විසින් රාජසන්තක කල වාහන රජයේ භාවිතයට

Mohamed Dilsad

Leave a Comment