දේශීය

මසුන් අලෙවි කරගත නොහැකි වුවහොත් ධීවර සංස්ථාවෙන් විසඳුමක්

(UTV | කොළඹ) – මේ වන විට පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී ධීවරයන්ට මසුන් අලෙවි කරගත නොහැකි තත්ත්වයක් ඇතිවුවහොත් ධීවර සංස්ථාව විසින් ඒවා මිලදී ගැනීමට තීරණය කර ඇත.

පවතින කොවිඞ් තත්වය හමුවේ ධීවර වරායන් ආශ්‍රිත ගැටලු විසදීම සම්බන්ධ සාකච්ඡාවක් ධීවර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී පැවති සාකච්ඡාවකදීයි එම තීරණය ගෙන ඇත්තේ.

ධීවර සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එස්. ඩබ්ලිව්. එල්. දවුලගල මහතා පැවසූවේ ධීවරයන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහිද එහිදී අවධානය යොමු කළ බවයි.

 

Related posts

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

Mohamed Dilsad

මුදල් ඇමති රනිල්

Mohamed Dilsad

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

Mohamed Dilsad

Leave a Comment