දේශීය

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

(UTV |කොළඹ) – ඊයේ (22) දිනය තුළ නව කොරෝනා වෛරස ආසාදිතයින් 309 දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැළ ආශ්‍රයෙන් වාර්තා වී තිබේ.

ඉන් 147 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ ඒ ප්‍රදේශ වලින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන මෙසේයි.

කොළඹ – 79
කඩුවෙල – 06
දෙමටගොඩ – 15
මොරටුව – 03
කොටහේන – 04
වැල්ලම්පිටිය -09 දෙනෙක් වාර්තා වේ.

මීට අමතරව ඊයේ දිනට පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින්,

කොළඹ – 14
කොටහේන -07
මුල්ලේරියාව -04
ග්‍රෑන්ඩ්පාස් -04
බ්ලුමෙන්ඩල් -01
දෙහිවල -01

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින්,
ගම්පහ -08
වත්තල -02
රාගම -01
මිනුවන්ගොඩ -14
දිවුලපිටිය -05
කටුනායක -10

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ අහුංගල්ලෙන් ආසාදිතයින් 8 සහ ඉඳුරුවෙන් 01 ආසාදිතයෙක්, මාතරින් 01 ආසාදිතයෙක්, කුලියාපිටියෙන් ආසාදිතයින් 14ක් හා අනුරාධපුරයෙන් 02 ක් වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

Related posts

දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

පාඨලි සහ විජේදාස දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

Mohamed Dilsad

ඇඳිරිනීතිය උල්ලංඝණය කල පිරිස 14,966 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment