ගොසිප්

කොළඹ මාළු මිලදී ගත හැකි ස්ථාන

(UTV |කොළඹ) – කොරෝනා අවධානම නිසා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමීමත් සමඟ ඒ හරහා මාළු බෙදා හරින ස්ථාන රැසක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

මේ නිසා මත්ස්‍ය අලෙවි කටයුතු අද (23 වැනිදා) සිට මෝදර පිහිටි ලංකා ධීවර සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරෙන බව ලංකා ධීවර සංස්ථාව දැනුම් දෙයි.

සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ලලිත් දවුලුගල සඳහන් කළේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමුවත් මේ වන විට කොළඹ ප්‍රදේශයේ මාළු අලවියේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති බවයි.

මෙහිදී සභාපතිවරයා කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ මාළු වෙළෙඳුන් කිහිපදෙනකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලට පැමිණීමෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවයි.

එහෙයින් දකුණු පළාතේ මාළු වෙළෙඳුන්ට සහ ධීවරයන්ටද වෛරසය බෝවීමේ අවදානමක් ඇත.

යම් හෙයකින් දකුණු පළාතේ මාළු හිඟයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා ටොන් 100ක මාළු ප්‍රමාණයක් ගාල්ල ප්‍ර​දේශයේ පිහිටි විශේෂිත ශීතාගාර පහසුකම් ඇති ස්ථානයක ගබඩා කර ඇත බව ඔහු පවසයි.

ලින්නා, කෙලවල්ලා, කොප්පරා සහ තලපත් යන මාළු වර්ග 4ක් මෙලෙස ගබඩා කර තිබේ.

Related posts

නැවත දැනුම්දෙන තුරු දහම් පාසල් වැසෙයි

Mohamed Dilsad

නාමල්ගේ විවාහ මංගල්‍යයේ දර්ශන [VIDEO]

Mohamed Dilsad

විමල්ට සහ ගම්මන්පිලට ඇමති ආරක්ෂාව තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment