දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් 186 දෙනෙකුට සුවයි

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දින සිට අද දක්වා වු කාලය තුළ එම පිරිස සුවය ලබා තිබේ.

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගැනීමත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2,508 දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාදිතයින් 57 දෙනාගෙන් එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙකු වන අතර අනෙක් 56 දෙනා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව හමුදාපතිවරයා පැවසීය.

Related posts

සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් – අනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්

Mohamed Dilsad

මැතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ ගැන මානව හිමිකම් කොමිෂන් සභාව අවධානයෙන්

Editor O

අද මහනුවර රථවාහන සැලැස්ම මෙන්න

Mohamed Dilsad

Leave a Comment