දේශීය

මාකඳුරේ මදුෂ් වෙඩි වැදී මරුට[VIDEO]

(UTV |කොළඹ) – සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා ඇති මත්ද්‍රව්‍ය කිලෝ 22ක් පෙන්වීමට ඔහු එම ස්ථානයට රැගෙන යන අවස්තාවේදී නාදුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකිනි.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදු විය.

එහිදී මාකඳුරේ මධූෂ් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයා ගැනුණි.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි.

පසුව වසර එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (16)  වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙනු ලැබීය.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක්ද පසුගියදා සොයා ගත්තේය.

Related posts

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

Mohamed Dilsad

පිල්ලෙයාන් හමුවූයේ ඇයි…? නීතීඥ උදය ගම්මන්පිලගෙන් පැහැදිලි කිරීමක්

Editor O

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

Mohamed Dilsad

Leave a Comment