දේශීය

විශ්ව විද්‍යාල විභාග ඔන්ලයින් ක්‍රමයට

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

කොරෝනා වසංගතය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාමට එම පියවර ගන්නා බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මේ පිළිබදව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරු දැනුවත් කිරීමට සහ ඊට අදාළ වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

විකිරණ ශීල්පී කාර්යය මණ්ඩල හිඟයෙන් ප්‍රධාන රෝහල් කිහිපයක විකිරණ පරීක්ෂණ අඩාලවීමේ අවධානමක්

Editor O

බස්නාහිර පළාතේ දුම්රිය මගීන් ට නිවේදනයක්

Mohamed Dilsad

ඇමති වාසු නිල වාහන සහ නිවාසය භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment