දේශීය

කොළඹ මහ නගර සභාවට පැමිණීමෙන් වළකින්නැයි දැනුම් දීමක්

(UTV | කොළඹ) – කොළඹ මහ නගර සභාවෙන් සේවා ලබා ගැනීම සදහා භාරදිය යුතු සියලු අයැදුම්පත් කොළඹ නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුවට භාර ගන්නා බව නගර සභාවේ පාලනාධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රධාන කාර්යාලයට ඇතුලුවීමෙන් වළකින්නැයි ජනතාවට දැනුම් දෙන බවත් , ඔක්තෝබර් 31 වනදා දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වනු ඇති බවත් අදාළ නිවේදනයෙහි දැක්වෙයි.

වරිපනම් බදු ගෙවීම කොළඹ නගරයේ බැංකු ශාඛා හරහා සිදුකළ හැකි අතර ,බදු හා කුලී ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකල හැක.

අන්තර්ජාල ගෙවීම් පිළිබඳ යම් ගැටළුවක් ඇතොත් 0115 676 346 හෝ 077 039 98 25 , 071 823 47 17 අංකය අමතන ලෙසට කොළඹ මහ නගර සභාව ජනතාවට දැනුම් දෙයි.

Related posts

මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

ජනාධිපතිට කලින් අගමැති ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් දන්වති

Mohamed Dilsad

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

Leave a Comment