දේශීය

උසස් පෙළ විභාග අක්‍රකමිකතා පිළිබඳ පැමිණිලි

(UTV |කොළඹ) – පසුගිය 12 වන සඳුදාදා ආරම්භ කෙරුණු උසස් පෙළ විභාගයට අදාළව අද දිනය වන විට අක‍්‍රමිකතා 02 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණද ආරම්භ කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ ගම්පහ ප‍්‍රදේශයේ පාසලක ස්ථාපිත විභාග මධ්‍යස්ථානයක, ස්මාර්ට් අත්ඔරලෝසුවක් රැගෙන පාසල් අයදුම්කරුවෙකු පැමිණ ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානයෙන් ද පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මක බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

මේ අතර උසස් පෙළ විභාගය ආරම්භ වූ පසුගිය 12 වනදා ජංගම දුරකතනය හරහා විභාග ප‍්‍රශ්න පත‍්‍රය ඡායාරූප ගත කර වෙනත් අයෙකුට යැවීමට උත්සාහ කොළඹ ප‍්‍රදේශයේ පාසල් අයදුම්කරුවෙකු ද හඳුනා ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේය.

Related posts

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග විවාදය සති දෙකකින්

Mohamed Dilsad

ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 30ක සිර දඬුවම්

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment