දේශීය

අද සිට මාර්ග රැසක ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – කොළඹ මාර්ග කිහිපයක ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් අද (14) පෙරවරුවේ ආරම්භ කෙරුණි.   

රථවාහන තදබදය තවදුරටත් අවම කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම මාර්ගවල මින් පෙර රථවාහන හසුරවනු ලැබුවේ පොලිස් නිළධාරින් විසින්.

ගාලු පාර, බේස්ලයින් මාර්ගය, මාළඹේ මංසන්ධිය, කැස්බෑවේ සිට කොහුවල දක්වා කොටස සහ රාජගිරිය ඇතුළු මාර්ග රැසක අද සිට මෙලෙස ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක වනු ඇති.

Related posts

ඇවන් ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයටදින නියම කෙරේ

Mohamed Dilsad

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

Mohamed Dilsad

Leave a Comment