දේශීය

විදේශයන්හි ලාංකිකයන් ගෙන්වීම ඉදිරි දින 10 දක්වා සීමා කරයි

(UTV | කොළඹ) –  විදෙස් රටවල සිටින ලාංකිකයන් ගෙන්වීම ඉදිරි දින 10 දක්වා සීමා කිරීමට සිදුවනු ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටිය හැකි සංඛ්‍යාව ඉක්මවා නොයාමේ අරමුණින් එම තීරණය ගත් බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හුමදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

කෙසේවෙතත් මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පාලනය වූ සැණින් විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල හැකි ඉක්මණින් ආරම්භ කරන බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

ඉස්ලාම් බැතිමතුන් හෙට රාමසාන් උත්සවය සමරයි

Mohamed Dilsad

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වලක්වා තිබෙනවා – සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

Leave a Comment