දේශීය

පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස අඟවමින් මුදල් වංචා කළඅයෙක් අත්අඩංගුවට

(UTV |කුරුණෑගල) – පොලිස් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කුරුණෑගල ප්‍රදේශයේදීය.

කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලද තොරතුරකට අනුව නගරයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔහු ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තයේ තිබී පොලිස් නිළ ඇඳුමෙන් ලබා ගන්නා ලද ඡායාරූප කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු 47 හැවිරිදි නෙල්ලිය -මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

ජාතික රෝහලේ සායනික රෝගීන් සඳහා ඍජු දුරකථන අංක කීපයක් [PRESS RELEASE]

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයි

Editor O

Leave a Comment