දේශීය

අද සිට වැසි වැඩි වේ

(UTV |කොළඹ) – අද (10) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ සුළං සහ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නිරිතදිග මෝසම් තත්ත්වය තරමක් සක්‍රීය වීම හේතුවෙනි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශය පවසයි.

Related posts

ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑම අසීරු තැනකට ; සියයට 1.75%ක, ලැබෙන වට්ටම ප්‍රමාණවත් නැහැ.

Editor O

නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

Mohamed Dilsad

ලංකාවට පැමිණි IMF නියෝජිතයෝ අගමැති සමග සාකච්ඡා අරඹති

Mohamed Dilsad

Leave a Comment