විදෙස්

කොවිඩ් 19 එන්නතක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුභදායී පණිවුඩයක්

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් මේ වසර අවසානය වනවිට හඳුන්වාදිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් පවසයි.

මේවන විට පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් සංඛ්‍යාව නවයක් බවත් ඔහු හෙළි කළේය.

ජිනීවා හි දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ එන්නතක් සොයාගැනීමේ ක්‍රියාවලිය සඳහා සියලු රටවල් සහයෝගය ලබාදිය යුතු බවයි.

2021 වසර අග වන විට එන්නත් බිලියන 20ක් ලොව පුරා බෙදාහැරීම අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් තුන්කෝටි 60 ලක්ෂ 28,000 ඉක්මවා ගොස් ඇත.

Related posts

“ඉදිරියේදී රුසියාවට එරෙහිව සම්බාධක” ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයාගෙන් අනාවැකි

Mohamed Dilsad

සිසුන් 35 රැගත් බස් රථයක් ප්‍රපාතයකට

Mohamed Dilsad

ජනපති ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment