විදෙස්

සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව ගැන ඇමෙරිකාවන් ඉඟියක්

(UTV|ඇමෙරිකාව) – සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීමට හේතුව පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟියක් පල කර තිබේ.

ඒ, ඊයේ(15)  සෞදි අරාබියේ කිරුළ හිමි සල්මාන් කුමරු සමඟ දුරකථන සංවාදයක නිරතවීමෙන් අනතුරුවය.

බින් සල්මාන් කුමරුගේ පාලනය ඇමරිකානු මාධ්‍ය ඔස්සේ දැඩි සේ විවේචනය කළ අතර ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනය වූ බවට විශ්වාස කරයි.

කෙසේ වෙතත් මෙය සෞදි රජය විසින් මෙහෙය වනු ලැබූවක් බවට චෝදනා එල්ල වෙයි.

නමුත් බින් සල්මාන් කුමරු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ බව ජනපති ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

ධවල මන්දිරයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී  ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඇතැම් විට මැර පිරිසක් විසින් ඔහු ඝාතනය කරන්නට ඇති බවටයි.

එහිදී කශෝගි නියත වශයෙන්ම ඝාතනය වී ඇති බවට සැළකිය හැකි බව ඔහු පවසා ඇත.

එහෙත් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ බවට තමන් සතුව ශ්‍රව්‍ය – දෘශ්‍ය සාක්ෂි පවතින බව තුර්කි නීතිපති කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මොසැම්බික්හි සුළි කුනාටුවකින් 1000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට.

Mohamed Dilsad

තවත් බෝට්ටු අනතුරක් – 29ක් මිය යයි

Mohamed Dilsad

ජපානයේ නව අගමැති පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment