විදෙස්

මොසැම්බික්හි සුළි කුනාටුවකින් 1000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට.

(UTV| මොසැම්බික්) – මොසැම්බික් රාජ්‍යයට බලපෑ සුළි කුණාටුව නිසා දහසකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති ෆිලිප් නියුසි පවසයි.

මෙම සුළි කුනාටුවෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති අතර දකුණු අප්‍රිකාවේ 180 කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට ජනාධිපති වැඩිදුරටත් කියා සිටියේය.

ඉඩායි සුළි කුනාටුව පැයට කිලෝමිටර් 177 ක වේගයෙන් මොසැම්බික් රාජ්‍යය වෙත් ඇතුල් වී තිබේ.

ඇමෙරිකාවේ මධ්‍යම බටහිර කලාපයට ගංවතුරෙන් දැඩි බලපෑමක්  එල්ල වී ඇති අතර තිදෙනක් ජිවිතක්ෂයට පත් වේ.

මියගිය අය අතර මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරතවු අයෙක් ද සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එම කලාපයට දැඩි හිමපතනයක් පවතින අතර හිම තට්ටු කඩා වැටිම නිසා දේපළවලට ද හානි සිදුවී ඇත.

තවද බටහිර රොකී කඳුවැටිය ආශ්‍රිතව දරුණු සුළි කුනාටුවක් වර්ධනය වෙමින් පවතින බවට ඇමෙරිකානු කාලගුණ අංශ තොරතුරු හෙලි කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පකිස්ථානුවන් අතින් ගිලිහෙන එරට ගුවන් සේවය ‎

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ ලොවපුරා රෝගීන් 6 ලක්‍ෂය ඉක්මාව වාර්තා වෙයි

Mohamed Dilsad

විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment