විදෙස්

පාකිස්තාන – ඉන්දීය ගැටුම් දරුණු වෙයි,ඉන්දීය ගුවන් යානයක් බිම හෙලයි.

(UTV| කොළඹ) – ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලු බව පාකිස්ථානය පවසයි.

ඒ කාශ්මීර ප්‍රදේශයේදීය

එහිදී ගුවන් නියමුවෙකු ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත් බවත් පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆූර් පවසා තිබේ.

ඉන් එක් යානාවක් කාශ්මීරයේ පාකිස්ථානය විසින් පාලනය කරන ප්‍රදේශයේදී බිම හෙලා ඇත.

අනෙක් යානාව වෙඩි තබා බිම හෙලනු ලැබුවේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයකදී බව විදෙස් වාර්තා වල දැක්වේ.

කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ඊයේ පාකිස්ථානය තුළ පිහිටි ත්‍රස්තවාදී කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

එම ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානය අද(27) දිනයේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ල ගිනි ගනී

Editor O

චීනයේ බස් අනතුරකින් 36 දෙනෙකු මරුට

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව තුල කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment