දේශීය

පාර්ලිමේන්තු රැස්වීම් සම්බන්ධයෙන් තීරණය අද

(UTV| කොළඹ) –  රට තුළ යළිත් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් අද (07) පස්වරුවේ ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම කෝප් කමිටුව ඊයේ එහි සභාපති පාර්ලිමේන්තු මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණේ සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගමයි.

2009 වසරේ සිට නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනය ගැන විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව පදනම්ව එහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.

Related posts

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

Mohamed Dilsad

වතු සේවක වැටුප් වැඩිකිරීමේ ගැසට් නිවේදනයට අධිකරණය මග අහුරයි.

Editor O

අයිඑම්එෆ් අනුව, 2025 අවසන්වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 7.2ක් කළ යුතුයි තියෙන්නේ 6.1යි.

Editor O

Leave a Comment